(අංජුල මහික වීරරත්න)

බලන්ගොඩ කස්සප හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණේ විහාර මහා දේවී උද්‍යානයේ දී පය ලිස්සා වැටීමෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ෆෙඩ්රික් වුට්ලර් මහතා පැවැසීය.

මෙම සිද්ධිය පදනම් කර ගනිමින් විශේෂයෙන් සමාජ මාධ්‍යයේ ඇතැම් පිරිස් මහජනයා කුපිත කරවන අසත්‍ය ප්‍රකාශ ගෙන යන බව නිරීක්ෂණය වී තිබෙන්නේ යැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

උන්වහන්සේට කිසිදු පහරදීමක් ගැන වාර්තා වී නැතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.